2026-08-29 18:17:00 Hours
සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල ඒකකයේ කර්මාන්තශාලාව නැවත දැනුම් දෙනතුරු දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර ඇත්තේ සේවකයින් විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් ආයතනයට සිදුවන මූල්‍ය අලාභය අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.
පසුගිය 25 වනදා පස්වරු 2.00 සිට සෙවනගල ඒකකයේ සේවකයින් පිරිසක් රාජකාරිවලින් බැහැරවී නිෂ්පාදන කටයුතු ආරම්භ නොකිරීම හේතුවෙන්, පසුගිය 26 සහ 27 යන දෙදින තුළ අත්‍යවශ්‍ය සේවාවල නිරත සේවකයින් හැර අනෙකුත් සේවකයින්ට නිවාඩු ලබාදී තිබෙනවා.
මේ අතර, ඊයේ (28) යළි නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලෙස ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා විසින් දැනුම් දී තිබූ බවද එම නිවේදනයේ සඳහන් වනවා.
කෙසේ වෙතත්, කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීමෙන් අනතුරුවද සේවකයින් සුපුරුදු පරිදි වැඩ වර්ජනයේ නිරතවීම හේතුවෙන්, කර්මාන්තශාලාව මෙලෙස දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බව ලංකා සීනි සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk