2026-08-29 18:52:00 Hours

නුවරඑළියේ හෙක්ටයාර 1,500ක් ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස ගැසට් කරයි


...

නුවරඑළියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජල මූලාශ්‍ර සහ ජල පෝෂක කඳුකර ප්‍රදේශ ආශ්‍රිත හෙක්ටයාර 1,500ක පමණ භූමි ප්‍රමාණයක් ආරක්ෂිත ප්‍රදේශ ලෙස ගැසට් කිරීමට තීරණය කර තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පරිසර සංරක්ෂණය, තිරසාර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සහ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව, දිස්ත්‍රික්කයේ පරිසරය හා ජල පෝෂක කලාප ආරක්ෂා කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, අදාළ භූමි ප්‍රදේශ ආරක්ෂිත කලාප ලෙස ගැසට් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරනවා.

මේ අතර, නුවරඑළිය සංචාරක කලාපයේ හෝටල් සහ අනෙකුත් ව්‍යාපාරික ස්ථාන සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නියමිත ක්‍රමවේදයකට අනුව කඩිනමින් ලබාදීමටද උපදෙස් ලබාදී තිබෙනවා.

අපජලය විධිමත්ව බැහැර කිරීම සහතික කරමින් ජල මූලාශ්‍ර දූෂණය වැළැක්වීම සඳහා අඛණ්ඩ පරීක්ෂණ සිදුකිරීමටද මෙහිදී අවධානය යොමු වී ඇත.

ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම තුළින් නායයෑම් ඇතුළු ස්වාභාවික ආපදා අවම කිරීම සහ නීතිවිරෝධී වන විනාශයන් වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමටද මෙහිදී අවධානය යොමුව ඇති බව සඳහන්.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා අවධාරණය කර ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාරිසරික අනන්‍යතාව ආරක්ෂා කරමින් සංචාරකයින්ට මෙන්ම ප්‍රදේශවාසීන්ටද හිතකර, සුරක්ෂිත සහ පරිසර හිතකාමී නුවරඑළියක් නිර්මාණය කිරීම සඳහා සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරන බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk