2026-08-30 13:09:00 Hours
කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
BREAKING NEWS ලෙස සඳහන් කරමින් මෙම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවයි එම අධිකාරිය සඳහන් කළේ.
අදාළ පුවතේ දැක්වෙන මිල සංශෝධන සම්බන්ධ තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පවසන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, එවැනි තොරතුරු තහවුරු කර ගැනීමකින් තොරව හුවමාරු කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ව්‍යාජ හෝ තහවුරු නොකළ තොරතුරු හුවමාරු කිරීමෙන් පාරිභෝගිකයින් අතර අනවශ්‍ය කලබලයක් මෙන්ම වෙළෙඳපොළ තුළ වැරදි අවබෝධයක් ද ඇතිවිය හැකි බව එම අධිකාරිය පෙන්වා දෙනවා.
සැක සහිත මිල වෙනස්වීම් හෝ වෙළෙඳපොළ අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරන ලෙසද ඉල්ලීමක් කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk