2026-08-30 14:33:00 Hours
නේපාලයේ ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල සහන සේවා කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සාමාජිකයින්ගෙන් සමන්විත කණ්ඩායම් ඉදිරි දින කිහිපය තුළ යැවීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඔහු සඳහන් කළේ නේපාලයේ ආපදාවට ලක්වූ ප්‍රදේශවල සහන කටයුතු සඳහා මෙරටින් විශේෂ සහන කණ්ඩායම් යොමු කිරීමට තීරණය කර ඇති බවයි.
"නේපාලයේ වෙච්ච සිද්ධිය අවාසනාවන්ත සිද්ධියක්. ගරු ජනාධිපතිතුමා ශෝකයත් පළ කළා. ඒ වගේම රජයක් හැටියට මූල්‍යමය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක සහනාධාර ලබාදීම සඳහා මූලික කටයුතු සිදු කරගෙන යනු ලබනවා.
ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශය සහන කණ්ඩායම් ජාතික ආපදා කළමනාකරණ සහන මධ්‍යස්ථානය තියෙනවා, ඒකෙන් සැලැසුම් කරගෙන යනවා එහෙ අවශ්‍යතාවයන්ට ලබාදීම සඳහා සහන කණ්ඩායම් මොන විදිහට ද යවන්නේ කියලා තාමත් සැලැසුම් කරගෙන යන්නේ, යවන භට පිරිස් ප්‍රමාණය නැත්නම් මොන විදිහේ සහන කණ්ඩායම් ද කියලා නැහැ.
හෙට අනිද්දා දිහාවට ඒ කටයුතු සලස්වන්න තමයි අපි රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට කටයුතු සම්පාදනය කරන්නේ, ඒ නිසා ළගම තියෙන, දකුණු ආසියානු රටක් හැටියට වශයෙන් අපි ඒ වගේම සංවේදීව කටයුතු කරනවා."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk