2026-08-29 21:59 Hours
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන සාරංග ප්‍රදීප් හෙවත් ‘වැල්ලේ සාරංග’ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා.
සැකකරු පසුගියදා ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ‘බස් ලලිත්’ හෙවත් ලලිත් කන්නංගර අත්අඩංගුවට ගැනීම සඳහා ගිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා සහ බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය ද සොයාගෙන ඇති බවට වාර්තා වනවා.
කෙසේ වෙතත්, ‘වැල්ලේ සාරංග’ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ දක්වා මෙරට බලධාරීන් වෙත නිල වශයෙන් දැනුම්දී නොමැති බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk