2026-08-27 08:14 Hours
නේපාලයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 157 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයින් 400කට අධික පිරිසක් අතුරුදන්ව ඇති අතර, ඔවුන්ගෙන් බහුතරය විදෙස් සංචාරකයින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අතුරුදන්වූවන් අතර වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර, මලයාසියානු, අමෙරිකානු, ඔස්ට්‍රේලියානු සහ අප්‍රිකානු රටවල සංචාරකයින්ද සිටින බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නේපාල සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ සිදුවූ භූමිකම්පාවක් සමඟ හිම කඳු නායයෑමෙන් හිම දියවී බොටේ කොෂි ගඟ එක්වරම පිටාර ගැලීම හේතුවෙන් මෙම ව්‍යසනය සිදුව ඇති බවයි.
ගඟ පිටාර ගැලීමත් සමඟ ඇති වූ ප්‍රචණ්ඩ ජල පහර කත්මණ්ඩු අගනුවරට උතුරින් පිහිටි රසූවා ප්‍රදේශය වෙත ගලා ගොස් ඇති අතර, ගම්මාන රැසක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබෙනවා.
ජල පහරට හසුව අතුරුදන්වූවන් සෙවීම සඳහා විශේෂ සහන කණ්ඩායම් යොදවා ඇති බව නේපාල රජය පවසනවා.
මේ අතර, ව්‍යසනයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසක් කඩිනම් සහන කණ්ඩායම් නේපාලය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතාද මෙම ව්‍යසනය සම්බන්ධයෙන් කනගාටුව පළ කර ඇති අතර, නේපාලයට අවශ්‍ය සහාය කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව සඳහන් කර ඇත.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk