2026-08-29 21:41:00 Hours

තරුණියක් පැහැරගෙන ගිය මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි


...

තරුණියක් පැහැරගෙන යමින් සිටි මෝටර් රථයකට නාරාහේන්පිට පොලිස් මාර්ග බාධකයේදී පොලිසිය වෙඩි තබා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අද (29) දහවල් පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත නාරාහේන්පිට පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ මෝටර් රථය නතර කරන ලෙසට අණ කර ඇති බවයි.

කෙසේ වෙතත්, එම අණ නොතකා මෝටර් රථය ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් වෙඩි තබා මෝටර් රථය නතර කර තිබෙනවා.

එහිදී මෝටර් රථය පැදවූ පුද්ගලයා එහි සිටි 26 හැවිරිදි තරුණිය දමා පළාගොස් ඇති බව පොලිසිය පැවසුවා.

පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ තරුණිය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ආසන්නයේදී පැහැරගෙන ඇති බවයි.

පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk