2026-08-29 12:18:00 Hours

තිරිඟු පිටි කිලෝවක මිල ඉහළට


...

අද (29) සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව තිරිඟු පිටි නව මිල ගණන් අද (29) සිට ක්‍රියාත්මක වන බව සඳහන් වනවා.

මේ අතර, තිරිඟු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ලබන සඳුදා (31) රැස්වීමට නියමිතයි.

එහිදී පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk