2026-10-28 17:08:00 Hours

තරුණ සේවා සභාවේ හිටපු සභාපති ලලිත් පියුම් පෙරේරා අත්අඩංගුවට


...

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් පියුම් පෙරේරා මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රජයට රුපියල් ලක්ෂ 51ක පාඩුවක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන්.

ඔහු එම ධුරයේ කටයුතු කළ කාලසීමාවේදී අම්පාර, සාමපුර ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සහ එහි ගොඩනැගිල්ලක් රජයේ දේපළක් ලෙස හඟවමින් අතුරු බදු ගිවිසුම් සකස් කර, එය ජාතික තරුණ සේවා සභාවට බදු පදනම මත ලබාගැනීමට කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

එම ගනුදෙනුව හරහා තෙවන පාර්ශ්වයක් වෙත නීතිවිරෝධී ලෙස තරුණ සේවා සභාවේ මුදලින් රුපියල් ලක්ෂ 38ක මුදලක් ගෙවා ඇති බවට ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

මීට අමතරව, අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව අදාළ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා තරුණ සේවා සභාවේ මුදලින් තවත් රුපියල් ලක්ෂ 13ක මුදලක් වැය කර ඇති බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk