2026-10-09 10:05:00 Hours
පෞද්ගලික අංශයටද වසරක් ඇතුළත මෙට්රෝ බස් සේවාවට එක්වීමට අවස්ථාව ලබාදෙන බව ප්රවාහන අමාත්ය බිමල් රත්නායක මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්යවේදීන් නැඟූ ප්රශ්නවලට පිළිතුරු දෙමින්.
මේ අතර, මෙට්රෝ බස් රථවලට හානි සිදුකරන පුද්ගලයන්ට එරෙහිව පොදු දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් බරපතළ නීතිමය ක්රියාමාර්ග ගත හැකි බවද අමාත්යවරයා අවධාරණය කළා.
මෙට්රෝ බස් රථ සියයකට අධික සංඛ්යාවක් මේ වනවිට ධාවනය වන බව සඳහන් කළ අමාත්යවරයා, පෞද්ගලික බස් රථවලින් අතිබහුතරයක් ඊට බාධා කර නොමැති බවත්, එවැනි සිදුවීම් කිහිපයක් පමණක් වාර්තා වන බවත් ප්රකාශ කළා.
මෙය සමස්ත පෞද්ගලික බස් හිමියන්ට අදාළ ගැටලුවක් ලෙස නොසලකන බව පැවසූ අමාත්යවරයා, මෙට්රෝ බස් සේවාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියා.
"මෙට්රෝ බස් අනතුරට ලක්කරන අය මේ කරන්නේ පොදු දේපළ හානි කිරීමක්. ඒවා කරන රියදුරු මහත්වරුන්ට හරි හිමිකරුවන්ට හරි මං හිතන්නේ බරපතළ නඩුවලට මුහුණ දෙන්න වෙයි.
මොකද ලංකාවේ ජනතාවගේ පොදු දේපළ මේ හානිකරන්නේ. මෙට්රෝ බස් එකසිය ගානක් වැඩ කරනවා, ඒවට පෞද්ගලික බස් රථවලින් අතිවිශාල ප්රමාණයකින් කිසිම කරදරයක් කරලා නැහැ.
ඉතාම සුළු බස් කිහිපයක් තමයි මේ අනතුරු කරලා තියෙන්නේ. ඒ නිසා මම කියන්නම් ඒක පෞද්ගලික බස් හිමියන්ගේ ප්රශ්නයක් නෙමෙයි.
මම හිතන්නේ ඔය කොතනත් ඉන්නවනේ ටිකක් නේද? ඉතින් මම කියන්නේ අපරාදෙ නිකන් පොදු දේපළ හානි කරලා ලොකු අමාරුවේ වැටෙන්නේ නැතුව, මේක රට පිළිඅරගත්ත දෙයක්, මේකට අනුව යන්න.
මේකට අනුව හැඩගැහෙන්න. මොකද අපි කොහොමත් අවුරුද්දක් ඇතුළතදී පෞද්ගලික අංශයට විවෘත කරනවා මෙට්රෝ සේවාව."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk