2026-10-09 13:42:00 Hours

අතුරුගිරියේදී මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනමක්


...

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ බස් රථයක ගැටුණු පෞද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අදාළ බස් රථය නිසි පරිදි නඩත්තු කර නොමැති බවට මෝටර් රථ පරීක්ෂකවරයා නිර්දේශ කිරීමත් සමඟයි.

ඊයේ (08) සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අනතුර සිදුවන ආකාරය දැක්වෙන CCTV දර්ශන ද ලබාගෙන තිබෙනවා.

අතුරුගිරිය සිට පිටකොටුව දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථය අතුරුගිරිය බස් නැවතුම්පොළේ නවතා තැබීම සඳහා ප්‍රධාන මාර්ගය හරහා පසුපසට ගැනීමේදී මිලේනියම් සිටි සිට පිටකොටුව දක්වා ධාවනය වූ මෙට්‍රෝ බස් රථයේ ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් අද (09) කඩුවෙල අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

මේ අතර, බස් රථ දෙකේ රියදුරන් මත්ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර, ඔවුන් කිසිවෙකුත් මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බව එම පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk