2026-08-27 18:31 Hours

22 සංශෝධනයට විරුද්ධ වීම සම්බන්ධව නීතිඥ සංගමයෙන් කරුණු පැහැදිළි කිරීමක්


...

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිදෙවන සංශෝධනය” ලෙස නම් කර ඇති පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් සහ යහපත සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

ඒ හේතුවෙන් අදාළ පනත් කෙටුම්පතට ප්‍රතිපත්තිමය පදනමක් මත විරුද්ධ ස්ථාවරයක් ගෙන ඇති බවද එම සංගමය සඳහන් කරනවා.

එම සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ඇති බවද වාර්තා වනවා.

පනත් කෙටුම්පත නීතියක් බවට පත්වුවහොත්, එමගින් ප්‍රතිලාභ ලබන පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වන්නේ වත්මන් අගවිනිසුරුවරයා බවද නීතිඥ සංගමය පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ වත්මන් අගවිනිසුරුවරයාගේ ධුර කාලය ලබන දෙසැම්බර් 1 වනදා අවසන් වීමට නියමිතව ඇති බැවින්, එම ධුර කාලය දීර්ඝ කිරීමේ අරමුණින් මෙම සංශෝධනය කඩිනමින් ඉදිරියට ගෙන යන බවට පුළුල් මතයක් පවතින බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk