2026-08-27 12:04:00 Hours

නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් - ජනපති


...

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර හේතුවෙන් සිදුව ඇති ජීවිත හානි පිළිබඳව තමන් අතිශයින් කනගාටුවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

X පණිවුඩයක් නිකුත් කරමින් නේපාල ජනතාව වෙත සිය බලවත් ශෝකය පළ කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ගංවතුරෙන් විපතට පත්වූවන් වෙනුවෙන් සිදුකරන ගලවා ගැනීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව නේපාලයට සහාය වීමට සූදානමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මාස 10කට පෙර සුළි කුණාටුවකින් පසු තවමත් යථා තත්ත්වයට පත්වෙමින් සිටින ජාතියක් ලෙස ශ්‍රී ලංකාව නේපාල ජනතාව සමඟ මෙම ශෝකය බෙදාගැනීමට සූදානම් බවද ජනාධිපතිවරයා සිය X ගිණුම ඔස්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk