2026-09-13 15:58:00 Hours
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පසුගිය අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක ප්‍රේෂණ එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එය පසුගිය වසරේ අගෝස්තු මාසයේ ලැබුණු ඩොලර් මිලියන 680.8ක ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක්.
මේ අතර, මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 6,131ක් බවයි මහ බැංකු වාර්තාවේ දැක්වෙන්නේ.
පසුගිය වසරේ එම කාලසීමාවේදී ලැබී තිබූ සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,116ක්.
ඒ අනුව, මෙම වසරේ මුල් මාස අට තුළ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 1,015කින් ඉහළ ගොස් තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk