2026-09-07 13:30:00 Hours

අගෝස්තු මාසයේදී මහ බැංකුව ඩොලර් මිලියන 579ක් මිලදී ගනී


...

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය අගෝස්තු මාසය තුළ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 579ක් මිලදී ගෙන තිබෙනවා.

මහ බැංකුවේ ආර්ථික දර්ශකවලට අනුව, එමගින් මෙරට නිල විදේශ විනිමය සංචිත තත්ත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකිවනු ඇති.

මේ අතර, ජූලි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.6ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.

එමෙන්ම, 2026 අප්‍රේල් මාසය අවසන් වනවිට රජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 30.53ක් ලෙස වාර්තා වනවා.

ඉන් රුපියල් ට්‍රිලියන 18.85ක් දේශීය ණය වන අතර, රුපියල් ට්‍රිලියන 11.68ක් විදේශීය ණය බව මහ බැංකු දත්ත පෙන්වා දෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk