2026-09-06 09:33:00 Hours

ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ ජය රුමේෂ් තරංගට


...

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්ව තිබෙනවා.

මෙරට වේලාවෙන් අද (06) අලුයම අවසන් වූ තරගයේදී රුමේෂ් තරංග මීටර් 89.04ක දුරක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය හිමිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක් ජයගත් පළමු සහ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග ඉතිහාසයට එක්වනු ඇති.

තරගයේ දෙවන ස්ථානය පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර්ට හිමිව ඇති අතර, ඔහු වාර්තා කළ දුර මීටර් 87.47ක්.

මීටර් 83.99ක දුරක් වාර්තා කළ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ රාජ්‍යයේ කෙෂූ වෝල්කට් තෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk