2026-09-13 21:02:00 Hours
කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව, කථානායක නිල නිවසට අනුයුක්ත සේවකයන් සම්බන්ධ සියලු ලේඛන අල්ලස් කොමිසම විසින් සිය භාරයට ගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
පාර්ලිමේන්තු නිලධාරීන් විසින් අදාළ ලේඛන අල්ලස් කොමිසම වෙත භාරදී ඇති අතර, කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තොරතුරු, වැටුප් විස්තර සහ වාහන භාවිතය සම්බන්ධ තොරතුරුද ඊට ඇතුළත් බව වාර්තා වනවා.
මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් බව සඳහන්.
මේ අතර, දූෂණ විරෝධී පනතේ සංශෝධනය සම්බන්ධයෙන් විවාදය පැවැත්වීමට නියමිතව තිබියදී කථානායකවරයා එම විවාදයේ මුලසුන දැරීම මෙන්ම පනත් කෙටුම්පත සහතික කිරීමද අනුචිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk