2026-08-21 10:15:00 Hours

නිෂ්කාශන සහතික නිකුත් කිරීමේ දත්ත පද්ධතිය අක්‍රිය වෙයි


...

පොලිස් මූලස්ථානය මගින් නිකුත් කරන නිෂ්කාශන සහතිකපත් සම්බන්ධ දත්ත පද්ධතිය ඊයේ (20) දහවල් සිට අක්‍රිය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැඟිල්ලේ 17 වන මහලේ ස්ථාපිත නිෂ්කාශන අංශය මගින් නිෂ්කාශන සහතික නිකුත් කරනු ලබන අතර, අයදුම්පත් භාරගැනීම, වාර්තා කැඳවීම සහ සහතිකපත් මුද්‍රණය කිරීම දත්ත පද්ධතියක් හරහා සිදුකරනු ලබනවා.

කෙසේවෙතත් පොලිස් මූලස්ථානය සඳහන් කළේ අදාළ දත්ත පද්ධතිය ඊයේ දහවල් 12.50 සිට අක්‍රිය වී ඇති බවයි.

පද්ධතිය යථාවත් කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය දැනුවත් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය පියවර මේ වනවිට ගනිමින් පවතින බව පොලීසිය පවසනවා.

ඒ අනුව, දත්ත පද්ධතිය යථාවත් කරන තෙක් නිෂ්කාශන වාර්තා සඳහා අයදුම් නොකරන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පද්ධතිය යථාවත් කළ වහාම නිෂ්කාශන වාර්තා සඳහා අයදුම්පත් නැවත ඉදිරිපත් කිරීමට හැකි බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් දැනුම් දෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk