2026-08-21 10:30:00 Hours

යල කන්නයේ වී මිලදී ගැනීමේ පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට


...

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඊයේ (20) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත.

ඒ අනුව පරිපූරක ඇස්තමේන්තුව අනුමත කර ගැනීම සඳහා වන විවාදය අද (21) පෙරවරු 11.30 සිට පස්වරු 12.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට 2026 වසර සඳහා වෙන්කර ඇති, මෙම වසර තුළ උපයෝජනය නොවන බවට අපේක්ෂිත රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන වී මිලදී ගැනීම සඳහා යොදා ගැනීමට මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර, රජය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය අද (21) පස්වරු 1.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk