2026-08-21 08:18:00 Hours
ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ දුෂ්කරම සමයක ඇය සිදුකළ යුග මෙහෙවරව සදානුස්මරණීය බවයි.
තම කාලයේ සැබෑ සංගීත පුරාවෘත්තයක් වූ නන්දා මාලිනී මහත්මිය අභාවය සම්බන්ධව අතිශයින් ශෝකයට පත්ව ඇති බවද ඔහු සිය සටහනෙන් පෙන්වා දෙනවා.
ජනාධිපතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන පහතින්,
"වේලාසනින් අවදිව
දේශය අවදි කිරීමේලා
උස්ව හැඬවුණු
ඔබේ හඬ
ජනහද සමඟ ගැහුණු
ඔබේ ස්වර
දුෂ්කරම සමයක
යුග මෙහෙවර
සදානුස්මරණීයයි"
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk