2026-09-30 08:53:00 Hours
පානදුර, වලාන, මහනාම පාර ප්‍රදේශයේදී පැහැරගත් ව්‍යාපාරිකයෙකු මිනුවන්පිටිය කනත්ත අසල දමා ගොස් තිබියදී හමුවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ (29) රාත්‍රී 10ට පමණ බිරිඳ සහ දියණියන් දෙදෙනා සමඟ මෝටර් රථයෙන් නිවස බලා යමින් සිටියදී තවත් මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඔහුව පැහැරගෙන ගොස් ඇති බවයි.
එම පිරිස ව්‍යාපාරිකයා ගමන් කළ මෝටර් රථය ලුහුබැඳ ගොස් එහි වීදුරු කඩා පහරදී මෙම පැහැරගැනීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළා.
සිද්ධියෙන් ව්‍යාපාරිකයාගේ දියණියන් දෙදෙනාට අනතුරක් සිදුවී නොමැති අතර, ඔහුගේ බිරිඳ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පැහැරගැනීමට ලක්වූ ව්‍යාපාරිකයාද මේ වනවිට එම රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළා.
මුදල් ආරවුලක් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
ව්‍යාපාරිකයාගේ මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන නිලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk