2026-09-29 21:05:00 Hours

ෆවුසිට ලොකු දඩයක් සමග ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග


...

ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබාදී තිබූ සුඛෝපභෝගී වාහනයක් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂ 66ක මුදලක් වන්දි ලෙස රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙස හිටපු අමාත්‍යවරයාට නියෝග කර ඇති බව සඳහන්.

මීට අමතරව, අවභාවිත කළ වාහනයේ ඡායාරූපයක් සමඟ සමාව ඉල්ලා භාෂා තුනෙන්ම පුවත්පත් දැන්වීම් පළ කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk