2026-09-29 08:53:00 Hours

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පනත් කෙටුම්පත ගැසට් කරයි


...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිසංවිධානය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියමය පරිදි ප්‍රකාශයට පත් කර ඇති මෙම පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය, නියාමනය, ප්‍රවර්ධනය, සංවර්ධනය සහ පරිපාලනය සඳහා “ශ්‍රී ලංකා ක්‍රිකට්” ආයතනය නැවත ස්ථාපිත කිරීමට නියමිතයි.

යහපාලනය, සුචරිතවාදය, විනිවිදභාවය, වගවීම, ඇතුළත්භාවය සහ සමාන අවස්ථා සැලසීම යන මූලධර්ම මත ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම මෙන්ම එහි සියලු සහභාගිවන්නන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණු අතර වනවා.

එමෙන්ම, දූෂණයෙන් සහ අනෙකුත් අනිසි ක්‍රියාකාරකම්වලින් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය බලතල සහ කාර්යයන් සම්බන්ධ විධිවිධානද නව පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk