2026-09-30 12:03:00 Hours

කපිලගේ බිරිඳ වෙනුවෙන් අරවින්ද තැබූ මිලියන 40ක ඇප රාජසන්තක වෙයි


...

එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළ සැකකාරියක වන ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි මහත්මිය වෙනුවෙන් තැබූ රුපියල් මිලියන 40ක ඇපය රාජසන්තක කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කර තිබෙනවා.

එම ඇපය වෙනුවෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි නියෝමාලි විජේනායක මහත්මිය ඇපකරුවන් ලෙස ඉදිරිපත් වී තිබුණා.

ප්‍රියංකා නියෝමාලි මහත්මිය රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබූ අතර, අධිකරණයට පෙනී නොසිටීම හේතුවෙන් ඇයට එරෙහිව වරෙන්තුවක්ද නිකුත් කර තිබූ සඳහන්.

ඒ අනුව අද අධිකරණයට ඉදිරිපත් වූ ඇපකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා රුපියල් මිලියන 20ක මුදලක් අද ගෙවීමට හැකි බව දැනුම් දී තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, එම රුපියල් මිලියන 20 අද අධිකරණයට ගෙවන ලෙසත්, ඉතිරි රුපියල් මිලියන 20 ලබන ඔක්තෝබර් 17 වැනිදා ගෙවන ලෙසත් නියෝග කර ඇත.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk