2026-08-20 16:08:00 Hours

ඩෙංගු මරණ සංඛ්‍යාව 71ක් දක්වා ඉහළට


...

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව අද (20) වනවිට 71ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව, මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 93,115 දෙනෙකු හඳුනාගෙන ඇත.

අගෝස්තු මාසයේ ගත වූ කාලසීමාව තුළ පමණක් ඩෙංගු රෝගීන් 7,777 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ අතර, මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 19,825කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 18,475ක්, මහනුවරින් 6,726ක්, මාතරින් 6,066ක් සහ කළුතරින් 6,013ක් වාර්තා වී ඇති බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk