2026-08-20 18:04:00 Hours
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට පෙර ප්‍රමාණවත් මහජන සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසනවා.
විනිසුරුවරුන්ගේ දැනට පවතින නීතිමය විශ්‍රාම වයස ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සම්මේලනය මේ බව සඳහන් කර තිබෙනවා.
අධිකරණ සංඛ්‍යාව ඉහළ යාම සහ අභියාචනාධිකරණයේ ප්‍රාදේශීය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බැවින් පළපුරුදු හා දැනුමැති විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගැනීමේ අවශ්‍යතාව මත මෙම තීරණය ගෙන ඇති බව අදාළ අමාත්‍ය මණ්ඩල තීරණයේ සඳහන් වනවා.
කෙසේ වෙතත්, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ බලතල බෙදීමේ මූලධර්මය සෑම අවස්ථාවකදීම ආරක්ෂා කළ යුතු බව කතෝලික රදගුරු සම්මේලනය පෙන්වා දෙනවා.
ස්වාධීන හා අපක්ෂපාතී අධිකරණයක් යුක්තිය සහතික කිරීම, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, මානව ගරුත්වය තහවුරු කිරීම සහ පුරවැසියන්ගේ පොදු යහපත සුරක්ෂිත කිරීම සඳහා අත්‍යවශ්‍ය බවද එම සම්මේලනය අවධාරණය කරනවා.
ඒ අනුව, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන්නේ නම්, එය අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සිදුකළ යුතු බව එම නිවේදනයේ සඳහන්.
පළපුරුදු විනිසුරුවරුන් රඳවා ගැනීම, අධිකරණ නිලධාරීන්ගේ හිඟයට විසඳුම් ලබාදීම සහ නඩු කටයුතුවල පවතින ප්‍රමාදයන් අවම කිරීම එවැනි සංශෝධනයක ප්‍රධාන අරමුණු විය යුතු බවද කතෝලික රදගුරු සම්මේලනය පෙන්වා දෙනවා.
මෙම නිවේදනය ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති අතිඋතුම් ආචාර්ය හැරල්ඩ් ඇන්තනි පෙරේරා සහ මහලේකම් අතිඋතුම් ආචාර්ය පී. ඇන්ටන් රංජිත් යන රදගුරුතුමන්ලා විසින් නිකුත් කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk