2026-08-20 21:30 Hours

අවසන් කැමැත්ත අනුව ගුණකථන, රාජ්‍යය අනුග්‍රහ නැතිවම මාලනිය සෙනසුරාදා නික්ම යයි


...

ප්‍රවීණ ගායන ශිල්පිනී අභාවප්‍රාප්ත විශාරද, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු, අනිද්දා හවස 5 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරෙනවා.

මහජන ගෞරවය සඳහා දේහය හෙට (21) උදෑසන 10 ට, නුගේගොඩ විජයබා මාවත අංක 30 දරන, නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කිරීමට නියමිතයි.

හෙට (21) උදෑසන 10 සිට සෙනසුරාදා පස්වරු 3.30 දක්වා එහිදී දේහයට මහජන ගෞරව දැක්විය හැකියි.

මේ අතර නන්දා මාලනී මහත්මියගේ අවසන් කැමැත්ත පරිදි අවමංගල්‍ය සභාවක් හෝ රාජ්‍ය අනුග්‍රහයක් සිදු නොවන බව, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න ප්‍රකාශ කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk