2026-10-01 21:29:00 Hours

අහුංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට


...

අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද (01) රාත්‍රී 8.10ට පමණ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් 9mm වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ලන්තුවාහන්දි සුගත් නුවන් කුමාර ද සිල්වා නමැති පුද්ගලයෙක්.

ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු බවටද තොරතුරු වාර්තා වනවා.

වෙඩි තැබීම සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk