2026-10-01 13:14:00 Hours

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් කැමරා ශිල්පියා අත්අඩංගුවට


...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන් පිටතට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකුට අදාළ කැමරා ශිල්පියා විසින් පහරදී ඇති බව සඳහන්.

සිද්ධියෙන් පහරකෑමට ලක්වූ ආරක්ෂක නිලධාරියා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk