2026-10-01 20:12:00 Hours

SDIG රන්මල් ඇතුළු පොලිස් නිලධාරින් කිහිපදෙනෙකුගේ ස්ථාන මාරුවීම් අවලංගුයි


...

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන ඇතුළු නිලධාරීන් පිරිසකගේ ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

අදාළ ස්ථාන මාරුවීම් සම්බන්ධ යෝජනාව පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව අද (01) රැස්වූ පොලිස් කොමිෂන් සභාව එම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, ස්ථාන මාරුවීම් සිදුකිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂවරයා, පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සහ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් ඇතුළු නිලධාරීන් පිරිසකගේ ස්ථාන මාරු අවලංගු කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk