2026-10-02 11:35:00 Hours
ඉරානයට සම්බන්ධ තෙල් නෞකා 20කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ශ්‍රී ලංකාවේ නිරිතදිග මුහුදු තීරයේ සිට සැතපුම් 15ක් පමණ දුරින් නැංගුරම්ලා ඇති බව වාර්තා වනවා.
චීනය වෙත බොරතෙල් ප්‍රවාහනය කරමින් තිබූ මෙම නෞකා, අමෙරිකානු සම්බාධක සහ නාවික අවහිරතා හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව සඳහන්.
එම නෞකාවල සිටින කාර්ය මණ්ඩලයට ආහාර, ඉන්ධන සහ පානීය ජලය ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් ලබාගැනීමේදීද ගැටලු මතුව ඇති බව වාර්තා වනවා.
අමෙරිකානු සම්බාධකවලට හසුවීමේ අවදානම හේතුවෙන් ඇතැම් ශ්‍රී ලාංකික සැපයුම්කරුවන් එම නෞකා වෙත සේවා සැපයීමට මැළිවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව සඳහන්.
මෙම නෞකා ශ්‍රී ලංකාවේ භෞමික මුහුදු සීමාවෙන් පිටත, සුවිශේෂී ආර්ථික කලාපයට ආසන්න මුහුදු ප්‍රදේශයක නැංගුරම්ලා ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට පවතින නීතිමය බලතල සීමිත බවද වාර්තා වනවා.
කෙසේ වෙතත්, අදාළ නෞකාවල ගමනාගමනය සහ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බව සඳහන්.
ජාත්‍යන්තර සම්බාධක හමුවේ කලාපීය සාගර ප්‍රවාහනය සහ සැපයුම් ජාලය මුහුණ දී ඇති ගැටලු මෙන්ම, එම නෞකාවල සිටින කාර්ය මණ්ඩලයේ මානුෂීය අවශ්‍යතා පිළිබඳවද මේ වනවිට අවධානය යොමුව තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk