2026-09-15 21:27:00 Hours

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය


...

2027 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2027 මුදල් වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා පසුගිය ජුනි 30 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබු බව සඳහන්.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කළ පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනයද මේ වනවිට ලැබී තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි අමාත්‍ය මණ්ඩලය මෙම අනුමැතිය ලබාදී ඇත්තේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk