2026-09-16 08:38 Hours

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි


...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඇය සමඟ රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය වන ඈන් ද ලිවේරා මහත්මියද සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්.

ඔවුන් දෙදෙනා අද (16) අලුයම 1.10ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (15) අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබූ බවද වාර්තා වුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk