2026-09-15 21:13:00 Hours
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම සිදු කෙරෙන කීට පරීක්ෂණ වැඩසටහන්වලදී තවදුරටත් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසනවා.
ඊයේ (14) සිට සතියක කාලයක් ක්‍රියාත්මක කෙරෙන ඩෙංගු මර්දන වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
කෙසේ වෙතත්, පසුගිය කාලයේ පැවති ඩෙංගු අධි අවදානම් තත්ත්වයේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බවත්, සෞඛ්‍ය අංශ සහ ජනතාවගේ කැපවීම හේතුවෙන් එම තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වූ බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා.
ඉදිරියේදී ඇතිවිය හැකි වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින්, එය වළක්වා ගැනීමේ අරමුණින් මෙම සතියක ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
පළාත් 6ක සහ දිස්ත්‍රික්ක 15ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ඊට සමගාමීව කොළඹ නගර සීමාව තුළද ඩෙංගු මර්දන කටයුතු සිදු කෙරෙනවා.
සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයක් සඳහාම කණ්ඩායම් 10 බැගින් යොදවා ඇති අතර, එක් කණ්ඩායමකට සෞඛ්‍ය සේවකයෙකු, හමුදා නිලධාරියෙකු, පොලිස් නිලධාරියෙකු සහ ස්වේච්ඡා සේවකයින් ඇතුළත් වන බවද සඳහන්.
මේ අතර, මේ වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 97,848 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් 74 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 20,786ක්.
දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 19,311ක්.
මේ අතර, දිවයින පුරා ඩෙංගු අධි අවදානම් කලාප 35ක් තවදුරටත් පවතින බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk