2026-09-02 08:21:00 Hours
තලවතුගොඩ ප්‍රදේශයේ සංචාරක නියෝජිත ආයතනයකට පැමිණි පුද්ගලයින් සිව් දෙනෙකු එහි තිබූ රුපියල් කෝටි 6කට අධික මුදලක් සහ රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, කොල්ලකරුවන් විසින් එම ආයතනයේ තිබූ රුපියල් හය කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ කොල්ලකා ඇති බවයි.
සැකකරුවන් ඊයේ (01) පස්වරුවේ මෝටර් රථයකින් තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි අදාළ සංචාරක නියෝජිත ආයතනය වෙත පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කොල්ලයෙන් අනතුරුව සැකකරුවන් එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk