2026-09-01 08:37:00 Hours
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිතයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, ඉන් අනතුරුව ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබුණා.
ඒ අනුව ඊයේ (31) දිනය දක්වා පෙත්සම් ගොනු කිරීමට අවස්ථාව පැවති අතර, මේ වනවිට අදාළ පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව පෙත්සම් 40කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.
පනත් කෙටුම්පත මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානි වන බවට චෝදනා කරමින්ද පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසත්, එය සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙසත් ඉල්ලා තිබෙනවා.
අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ ප්‍රකාශයට පත් කෙරුණු අතර, අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතාට අමතරව අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් එහි සෙසු සාමාජිකයින් වනවා.
අද (01) පෙරවරු 10.00 සිට මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk