2026-09-01 10:33:00 Hours

ඩෙංගු රෝගීන් 95,493ක් දක්වා ඉහළට


...

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 95,493ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව, මේ වනවිට දිවයින පුරා ඩෙංගු මරණ 72ක් වාර්තා වී ඇති අතර, මරණ අනුපාතිකය සියයට 0.076ක් ලෙස සටහන් වනවා.

වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 29,964ක්.

එමෙන්ම ජුනි මාසයේදී ඩෙංගු රෝගීන් 21,533ක් සහ අගෝස්තු මාසයේදී රෝගීන් 10,157ක් වාර්තා වී තිබෙනවා.

මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 50,506 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, දකුණු පළාතෙන් රෝගීන් 13,886ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,710ක් වාර්තා වී තිබෙනවා.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එය සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 21.31ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,914ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,977ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 50ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk