2026-08-30 16:16 Hours

අනුරගේ ක්‍රිකට් පරිවර්ථන කමිටුව නිසා කාන්තා චැම්පියන්ස් කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙයි


...

2027 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ සමාරම්භක කාන්තා චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

2027 පෙබරවාරි 14 සිට 28 දක්වා මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජය විසින් පත්කරන ලද පරිවර්තන කමිටුවක් යටතේ පාලනය වීම මෙම තීරණයට ප්‍රධාන හේතුව බව සඳහන්.

අයි.සී.සී. නීතිරීති අනුව සාමාජික රටවල ක්‍රිකට් පාලක මණ්ඩල දේශපාලන මැදිහත්වීම්වලින් තොරව ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ පාලක මණ්ඩලයක් මගින් පාලනය විය යුතුයි.

තරගාවලිය වෙනත් රටකට ගෙන යාම සම්බන්ධයෙන් ඉදිරි අයි.සී.සී. මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා තහවුරු කර තිබෙනවා.

මෙම තීරණය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙන්ම සංචාරක ක්ෂේත්‍රයටද සැලකිය යුතු මූල්‍ය පාඩුවක් සිදුවනු ඇති බව සඳහන්.

මේ අතර, තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමටද දැඩි බලපෑමක් එල්ල විය හැකි බව වාර්තා වනවා.

කණ්ඩායම් 6ක් තරග වදින මෙම තරගාවලිය සඳහා ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 5 සහ සත්කාරක රට සුදුසුකම් ලබනවා.

ශ්‍රී ලංකාව මේ වනවිට ශ්‍රේණිගත කිරීම්වල 6 වන ස්ථානයේ පසුවන බැවින්, සත්කාරකත්වය අහිමිවීමත් සමඟ තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාවද අවදානමකට ලක්ව තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk