2026-09-29 12:31:00 Hours
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය මෙම තීන්දුව ලබාදී ඇති බව සඳහන්.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවයි.
ඒ අනුව උදය ගම්මන්පිල මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු වන බ්‍රයන් ෂැඩික් මහතාට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍ර භාවිත කර අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් යහපාලන රජය සමයේදී උදය ගම්මන්පිල මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk