2026-09-29 11:23 Hours

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අර්ථවත් ප්‍රතිසංස්කරණය ක්‍රියාවලියට ශ්‍රී ලංකාවේ සහාය


...

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයේ සිදුවන පරිවර්තනයන්ට වඩාත් ප්‍රතිචාරාත්මක සහ අත්‍යවශ්‍ය සංවිධානයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව සහාය ලබාදෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු බවද ඔහු ප්‍රකාශ කළා.

සමකාලීන ගෝලීය යථාර්ථයන් පිළිබිඹු වන පරිදි එක්සත් ජාතීන්ගේ පද්ධතිය ශක්තිමත් කිරීමේ වැදගත්කමද අමාත්‍යවරයා අවධාරණය කළා.

එමෙන්ම, නැගී එන ජාත්‍යන්තර අභියෝගවලට මුහුණදීම සඳහා එක්සත් ජාතීන්ගේ ආයතන ඵලදායීව ක්‍රියාත්මක වන බව සහතික කිරීමේ අවශ්‍යතාවද ඔහු පෙන්වා දුන්නා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk