2026-10-27 17:28:00 Hours

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරියෙකුට රුපියල් ලක්ෂ 50ක වන්දියක්


...

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සඳහා විශේෂ වන්දි මුදලක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ යටතේ හිමිවන වන්දිවලට අමතරව මෙම විශේෂ වන්දි මුදල් ගෙවීමට නියමිතයි.

එහිදී ජීවිතක්ෂයට පත් වූ සෑම නිලධාරියෙකුටම රුපියල් මිලියන 5ක (ලක්ෂ 50ක) වන්දි මුදලක් හිමිවන අතර, පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ නිලධාරියෙකුට ද රුපියල් මිලියන 5ක වන්දියක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඊට අමතරව, උපරිම ඉපැයීමේ හැකියාව සියයට 100කින් අහිමි වූ අර්ධ ආබාධිත නිලධාරියෙකුට රුපියල් මිලියන 4ක වන්දියක් ද, තාවකාලික අර්ධ ආබාධිත තත්ත්වයට පත් වූ නිලධාරියෙකුට රුපියල් මිලියන 3ක වන්දියක් ද ගෙවීමට අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

මේ අතර, බන්ධනාගාර උපක්‍රමික බලකායට නෛතික තත්ත්වය ලබාදීම සඳහා අවශ්‍ය විධිවිධාන ඇතුළත් කරමින් බන්ධනාගාර ආඥාපනත සංශෝධනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එම බලකාය ශක්තිමත් කිරීම සඳහා ප්‍රමාණවත් නිලධාරීන් බඳවා ගැනීම, විධිමත් පුහුණුව ලබාදීම සහ අවශ්‍ය නවීන උපකරණ සැපයීම ද මෙහිදී තීරණය වී ඇති බව සඳහන්.

තවද, බන්ධනාගාර උපක්‍රමික බලකායේ මූලස්ථානය සුදුසු ස්ථානයක පිහිටුවීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk