2026-10-27 14:03:00 Hours

නාමල් ඇතුළු හතරකට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධිචෝදනා ගොනුකරයි


...

එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හෙට (28) කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එම කටයුත්ත සම්බන්ධ වාර්තාව මේ මස 30 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළා.

නාමල් රාජපක්ෂ මහතා අදාළ මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන තෙක් තවදුරටත් රඳවා තබා ගන්නා ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මේ අතර, එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (27) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් ගොනු කර ඇති බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk