2026-09-09 09:58:00 Hours
නීති විරෝධී ලෙස මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ජනතාවගෙන් තැන්පත් මුදල් ලබාගෙන ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක තිස්සකුට්ටිආරච්චි මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) වෙත කැඳවා තිබුණද, ඊයේ (08) එහි පෙනී සිට නොමැති බව වාර්තා වනවා.
අදාළ චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුට FCIDය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ බව සඳහන්.
කෙසේ වෙතත්, ජනක තිස්සකුට්ටිආරච්චි මහතා ඊයේ (08) FCIDය වෙත පැමිණ නොමැති බව වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk