2026-10-29 07:37:00 Hours
අස්වැසුම ප්රතිලාභීන් තෝරාගැනීමේ නව ක්රමවේදය යටතේ ප්රතිලාභීන් 1,391,830 දෙනෙකු ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
2025 දෙසැම්බර් 15 වැනිදා නිකුත් කළ අංක 2497/03 දරන ගැසට් නිවේදනයට අනුව, ඉදිරියේදී අස්වැසුම දීමනා ගෙවනු ලබන්නේ ‘අන්ත දිළිඳු’ සහ ‘දිළිඳු’ යන කාණ්ඩ දෙක යටතේ පමණයි.
ඒ අනුව, තොරතුරු යාවත්කාලීන කිරීමෙන් පසු සකස් කළ පළමු නාමලේඛනයට ප්රතිලාභීන් 991,800 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.
ඒ අතරින් අන්ත දිළිඳු කාණ්ඩය යටතේ මාසිකව රුපියල් 17,500ක දීමනාවක් හිමිවන ප්රතිලාභීන් සංඛ්යාව 363,142ක්. දිළිඳු කාණ්ඩය යටතේ මාසිකව රුපියල් 10,000ක දීමනාවක් හිමිවන ප්රතිලාභීන් සංඛ්යාව 628,658ක් වනවා.
මේ අතර, ලබන දෙසැම්බර් මාසයේදී ප්රකාශයට පත් කිරීමට නියමිත දෙවැනි නාමලේඛනය සඳහා පවුල් 740,127ක් පමණක් තෝරාගැනීමට නියමිත බව ද සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා.
දැනට සුදුසුකම් ලබා ඇති ප්රතිලාභීන්ගේ නාමලේඛනය සියලුම ප්රාදේශීය ලේකම් කාර්යාලවල සහ ග්රාම නිලධාරී වසම් කාර්යාලවල දැන්වීම් පුවරුවල ප්රදර්ශනය කර තිබෙනවා.
එම නාමලේඛනය සම්බන්ධයෙන් අභියාචනා හෝ විරෝධතා ඉදිරිපත් කිරීමට හෙට (29) සිට නොවැම්බර් 11 වැනිදා දක්වා අවස්ථාව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
තොරතුරු යාවත්කාලීන කිරීමේ ක්රියාවලියෙන් පසු සුදුසුකම් ලබන නව ප්රතිලාභීන් ඇතුළත් දෙවැනි නාමලේඛනය ලබන දෙසැම්බර් මාසයේදී ප්රසිද්ධ කිරීමට නියමිතයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk