2026-10-16 13:46:00 Hours
අසාධ්ය තත්ත්වයේ පසුවන ‘කාවන්තිස්ස’ ඇතාට ප්රතිකාර කිරීමේ කටයුතුවලට බාධා නොවන පරිදි නිහඬ පරිසරයක් පවත්වා ගැනීමට සහාය වන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සියඹලන්ගමුව වනජීවී කලාපයට අයත් ප්රදේශයක කුඹුරක ඇද වැටී සිටින මෙම ඇතා, ඊයේ ප්රතිකාර කළ ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරක් ගමන් කිරීමෙන් අනතුරුව යළි ඇද වැටී ඇති බව වාර්තා වනවා.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥ පශු වෛද්ය කණ්ඩායම් ඇතාගේ ජීවිතය බේරාගැනීම සඳහා පැය 24 පුරා ප්රතිකාර සිදුකරන අතර, ඇතාගේ තත්ත්වය ස්ථාවර කිරීම සඳහා සේලයින් සහ අත්යවශ්ය ඖෂධ ද ලබාදෙන බව සඳහන්.
ප්රතිකාර සිදුකරන ස්ථානය අවට විශාල පිරිසක් රැස්වීමෙන් ඇතාට මානසික ආතතියක් ඇතිවිය හැකි අතර, වෛද්ය කණ්ඩායමේ කටයුතුවලට ද බාධා සිදුවිය හැකි බව පෙන්වා දෙනවා.
ඒ අනුව, ප්රතිකාර කලාපයට අනවශ්ය ලෙස ඇතුළුවීමෙන් සහ එම ස්ථානය අවට රැස්වීමෙන් වළකින ලෙසත්, ශබ්ද කිරීමෙන් සහ ඩ්රෝන කැමරා භාවිතයෙන් වැළකී සිටින ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
කාවන්තිස්ස ඇතාට අවශ්ය නිහඬ පරිසරය සලසා දෙමින් පශු වෛද්ය කණ්ඩායමට බාධාවකින් තොරව ප්රතිකාර කිරීමට ඉඩ ලබාදීම මේ මොහොතේ අත්යවශ්ය බව ද අවධාරණය කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk