2026-10-16 19:29:00 Hours

කාවන්තිස්ස මහඇතා මියයයි


...

වෙඩි වැදීමෙන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ කාවන්තිස්ස මහඇතා මියගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජීවත්වන උසම ඇතා ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතා පාදයකට සිදුවූ බරපතළ තුවාලයක් සහිතව සියඹලන්ගමුව, යාය 03 ප්‍රදේශයේ කුඹුරු යායක ඇදවැටී සිටියදී සොයාගනු ලැබුවා.

ඇතාගේ ජීවිතය බේරාගැනීමේ අරමුණින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥ පශු වෛද්‍ය කණ්ඩායම් අඛණ්ඩව ප්‍රතිකාර කටයුතුවල නිරතව සිටියද, එම උත්සාහයන් අසාර්ථක වී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk