2026-10-16 16:50:00 Hours
අසාධ්ය තත්ත්වයේ පසුවන කාවන්තිස්ස මහඇතාගේ ජීවිතය බේරාගැනීම සඳහා අවශ්ය සියලු ඖෂධ සහ වෛද්ය කණ්ඩායම් තායිලන්තයෙන් ගෙන්වාදීමට වැයවන සියලු වියදම් දැරීමට තම ‘අරලිය’ සමූහ ව්යාපාරය සූදානම් බව අරලිය සමූහ ව්යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරනවා.
එහිදී ඒ මහතා පෙන්වා දෙන්නේ "කාවන්තිස්ස මහ ඇතාව ඉක්මනින් ප්රතිකාර කරලා ගොඩ ගන්න පුලුවන් ක්රමය මොකද්ද කියල දැන්වත් අපිට කියන්න. මේ වෙලාවෙ වනජීවි එකට සහ ඔයාල එක්ක එන්න වෛද්ය කණ්ඩායම් වලට තනිවම මේ ප්රාතිහාර්ය කරන්න බෑ කියන එක දැන්වත් පිළිගන්න. ඒ නිසා මේ වෙලාවෙ මහ ඇතාව ආරක්ෂා කරගන්න අපෙන් හැකි ඔනෑම උදව්වක් ඉල්ලන්න.!
මේ මොහොතේ කාවන්තිස්ස මහඇතාට ප්රතිකාර කරන්න අවශ්ය කරන සියලුම ඖෂධ වර්ග ඇතුලු වෛද්ය කණ්ඩායම් සියල්ලක්ම තායිලන්ත රජයෙන් ගෙන්වාදෙන්න අවැසි වියහියදම් සියල්ලක්ම දරන්න මගේ 'අරලිය' සමූහ ව්යාපාරය සූදානම්. ඒ නිසා මේ පණිවිඩය ජනාධිපතිතුමාට, වනජීවි ඇමතිතුමාට ඇතුලු සියල්ලන්ටම යොමු කරවන්න."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk