2026-08-19 08:25:00 Hours

අයිස් කිලෝ 19ක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට


...

බණ්ඩාරගම පොලිස් වසමේ වෙන්දේසිවත්ත, මස්විල ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 19කට ආසන්න ප්‍රමාණයක් සමඟ තරුණයෙකු හොරණ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරණ පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ඊයේ (18) ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

එම වැටලීමේ දී අයිස් කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 672ක් සන්තකයේ තබාගෙන සිටි 22 හැවිරිදි බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk