2026-08-19 12:42:00 Hours

ඩෙංගු මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළට


...

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 69ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනුව, මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 92,854 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් 52.95%ක් එනම් රෝගීන් 49,163 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයට එල්ල වී ඇති අතර, එහි රෝගීන් 19,778 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,433 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,695 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන්.

මේ අතර, මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් පසුගිය ජූලි මාසයේදී වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,964කි.

අගෝස්තු මාසයේ ගතවූ දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 7,516 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අංශ පවසන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 96ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk