2026-08-19 12:15:00 Hours
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් 3ක පිටපතක් කථානායකවරයා වෙත ලැබී තිබෙනවා.
අද (19) පාර්ලිමේන්තුවේ දී කථානායක ජගත් වික්‍රමරත්න මහතා මේ බව නිවේදනය කළා.
තවද අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති පෙත්සම්වල පිටපතක් ද කථානායකවරයා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
මේ අතර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා හෙට (20) දිනයේ දී ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබෙනවා.
විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුව අමතමින් මේ බව සභාවට දැනුම් දුන්නා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk